Terms of Service

POS360.lk වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! අපගේ Cloud-based SaaS POS පද්ධතිය භාවිත කිරීමට පෙර පහත සඳහන් සේවා කොන්දේසි සහ රෙගුලාසි පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු. POS360.lk හි Account එකක් සාදා ගැනීම මගින් ඔබ පහත සඳහන් සියලුම කොන්දේසිවලට නීත්‍යානුකූලව එකඟ වන බව සලකනු ලැබේ.

1. Account හිමිකාරිත්වය සහ වගකීම් (Account Ownership & Security)

  • 1.1. Account Owner: Account එක සාදන පුද්ගලයා/ආයතනය එහි ප්‍රධාන හිමිකරු (Account Owner) ලෙස සැලකේ. Account එක ඇතුළේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් සහ Staff Accounts මගින් සිදුවන දේවල සම්පූර්ණ වගකීම Account Owner සතු වේ.
  • 1.2. Password ආරක්ෂාව: ඔබේ Account එකේ Password සහ Login Details ආරක්ෂිතව තබාගැනීම ඔබේ වගකීමක් වන අතර, Credentials වෙනත් අයෙකුට ලබාදීම නිසා සිදුවන පාඩුවලට POS360.lk වගකියනු නොලැබේ.

2. Free Trial සහ Subscription

  • 2.1. Free Trial: නව ගිණුමක් ආරම්භ කරන සෑම පාරිභෝගිකයෙකුටම දින 14 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක් (14-Day Free Trial) හිමිවේ.
  • 2.2. Subscription Active කිරීම: දින 14 අත්හදා බැලීමේ කාලය අවසානයෙන් පසුවත් පද්ධතිය දිගටම භාවිත කිරීමට නම්, ඔබ අදාළ Subscription Rental එක අනිවාර්යයෙන්ම ගෙවා Active කරගත යුතුය.

3. ගෙවීම්, Invoices සහ Account Freeze (Payments & Renewals)

  • 3.1. ගෙවීම් නියමිත වේලාවට සිදුකිරීම: ඔබගේ Subscription Rental Invoice එක අදාළ Due Date එකට පෙර ගෙවීමෙන්, ඔබගේ Account එක කිසිදු බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැක.
  • 3.2. Grace Period (සහන කාලය): යම් හෙයකින් ඔබට Rental Invoice එක Due Date එකට පෙර ගෙවීමට නොහැකි වන්නේ නම්, Due Date එකට පෙර POS360 Customer Support කණ්ඩායම හා සම්බන්ධ වී සහන කාලයක් (Grace Period) ලබා ගැනීමට ඉල්ලුම් කළ හැක.
  • 3.3. Account Freeze/Suspension: සහන කාලයකින් තොරව නියමිත දිනයට ගෙවීම් පැහැර හරින ලබන ගිණුම් (Overdue Accounts) ස්වයංක්‍රීයව Freeze / Suspend වන අතර, අදාළ හිඟ මුදල් ගෙවා අවසන් කරන තෙක් පද්ධතියට පිවිසීමට අවස්ථාව නොලැබේ.

4. තහනම් භාවිතයන් (Acceptable Use Policy - AUP)

  • 4.1. නීති විරෝධී කටයුතු: POS360.lk පද්ධතිය භාවිත කරමින් ව්‍යාජ බිල්පත් සෑදීම, නීති විරෝධී භාණ්ඩ/සේවා කළමනාකරණය හෝ ශ්‍රී ලංකා නීතියට පටහැණි කිසිදු ක්‍රියාවක් සිදුකිරීම සපුරා තහනම් වේ.
  • 4.2. System Abuse: පද්ධතියේ ආරක්ෂාව බිඳහෙලීමට (Hacking), Reverse Engineering කිරීමට හෝ අන් අයගේ දත්තවලට හානි කිරීමට උත්සාහ කළහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව Account එක සම්පූර්ණයෙන්ම Ban කරනු ලැබේ.

5. Custom Plugins සහ Free Plugins භාවිතය

  • 5.1. Custom Plugins Rental: ඔබ තෝරාගන්නා Custom Plugins සඳහා වන අමතර ගාස්තුව, ඔබගේ Base POS Monthly Rental එකට එකතු වේ.
  • 5.2. Disable කිරීමේ පහසුකම: ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය නැති Custom Plugins Disable කරගැනීමේ පහසුකම පවතී.
  • 5.3. Free Plugins ඉවත් කිරීම: නොමිලේ ලබාදෙන Free Plugins, පූර්ව දැනුම්දීමකින් පසුව ඕනෑම මොහොතක පද්ධතියෙන් ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ සම්පූර්ණ බලය POS360 Management සතු වේ.

6. Custom Module Developments

  • 6.1. Base POS Standard බව: Base POS පද්ධතිය මත සියලු දෙනාටම පොදුවේ භාවිතා වන බැවින්, Base POS එක තුළ තනි තනි පුද්ගලික Custom Developments සිදුකරනු නොලැබේ.
  • 6.2. Custom Requirement විමසීම: ඔබගේ Business එකටම විශේෂිත වූ අවශ්‍යතාවයක් (Requirement) ඇත්නම්, ඒ පිළිබඳව POS360 Customer Support එක හා සම්බන්ධ වී වැඩිදුර විස්තර විමසිය හැක.
  • 6.3. Custom Development සඳහා කොන්දේසි: ඔබගේ අවශ්‍යතාවයට අනුව Custom Module එකක් Develop කරගැනීමට නම්:
    • ඔබ සක්‍රිය (Active) Subscription එකක් සහිත පාරිභෝගිකයෙකු විය යුතුය.
    • අදාළ Monthly Rental Invoice එක ගෙවා තිබීම අනිවාර්ය වේ.
    • Custom Module එකේ ස්වභාවය සහ සංකීර්ණතාවය මත වෙනම Development Charges අය කරනු ලැබේ.

7. Data Backup, Intellectual Property සහ Liability Limits

  • 7.1. Data Backup සහ Restore: POS360.lk මගින් දිනකට වාර 2ක් (Daily 2 Backups) ස්වයංක්‍රීයව දත්ත සුරක්ෂිත කරගනු (Backup) ලබයි. අනපේක්ෂිත තාක්ෂණික දෝෂයක් නිසා සිදුවන Data Loss එකකදී, පද්ධතියේ ඇති අලුත්ම Backup එක මගින් Data නැවත ලබාදීමට (Restore කිරීමට) කටයුතු කරනු ලැබේ. කෙසේ වෙතත්, දත්ත අහිමිවීමක් වෙනුවෙන් කිසිදු මුදල්මය වන්දියක් ගෙවනු නොලැබේ.
  • 7.2. Business Data වල අයිතිය (Data Ownership): ඔබගේ Business එකේ සියලුම දත්ත (Items, Sales, Customer Info, Stock) වල සම්පූර්ණ අයිතිය ඔබ සතු වේ. POS360.lk මගින් ඔබේ දත්ත කිසිදු තෙවන පාර්ශවයකට (Third party) විකිණීම හෝ ලබාදීම සිදු නොකරයි.
  • 7.3. POS360 Intellectual Property: POS360.lk පද්ධතියේ Software Source Code එක, Design එක, Logos සහ Architecture එකෙහි සම්පූර්ණ අයිතිය POS360.lk සතු වේ.
  • 7.4. System Maintenance (නඩත්තු කටයුතු): පද්ධතියේ යාවත්කාලීන කිරීම් (Updates) සහ නඩත්තු කටයුතු සඳහා සේවාව අත්හිටුවීමට සිදුවුවහොත්, එය ඉතා කෙටි වේලාවකට (Short Duration) පමණක් සිදුකරන අතර ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් (Notification / Email) සිදුකරනු ලබයි.
  • 7.5. Internet සහ Hardware ගැටලු: POS360.lk යනු Cloud-based SaaS පද්ධතියකි. පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් වන ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ (Internet connection) ගැටලු, Device/Hardware දෝෂ හෝ පරිශීලකයා අතින් වන අත්වැරදීම් නිසා සිදුවන බාධාවන් සඳහා POS360.lk වගකියනු නොලැබේ.
  • 7.6. Platform Shutdown: යම් හෙයකින් POS360.lk සේවාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවුවහොත්, අවම වශයෙන් දින 30 කට පෙර දැනුම් දෙන අතර, ඔබගේ Business Data (Excel/CSV) Export කරගැනීමට අවශ්‍ය කාලය සහ පහසුකම් සලසා දෙනු ලැබේ.

8. Customer Support

ඔබට කිසියම් ගැටලුවක්, Custom Requirement එකක් හෝ ගෙවීම් සම්බන්ධ සහනයක් අවශ්‍ය නම් කරුණාකර අපගේ Customer Support සේවාව අමතන්න:

Website / Live Chat: pos360.lk

Hotline: +94 770 209 031

Email: Support@pos360.lk